Ticker

6/recent/ticker-posts

ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි


මස්කෙළිය – නෝර්වුඩ් මාර්ගයේ නිව්වැලිවත්ත ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් අඩි 25ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.


අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මගියෙකු (11) පස්වරුවේ දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.


පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මස්කෙළිය සිට නෝර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෙම ත්‍රීරෝද රථය, නිව්වැලිවත්ත ප්‍රදේශයේ අධික බෑවුමක් සහිත ස්ථානයකදී පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි.


ප්‍රපාතයට පෙරළීම හේතුවෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභහානි සිදුව ඇති බව නෝර්වුඩ් පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.


 

Post a Comment

0 Comments