Ticker

6/recent/ticker-posts

මෙහෙම වෙන්න හේතුව මොකක්ද..? කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ගැන ඇසෙන ඒ විශේෂ කතාව මෙන්න..

අද වන විට පාසල් අධ්‍යාපනය ගැන ඇසෙන්නේ වෙනස්ම ආරංචි කිව්වොත් හරි.


පසුගිය කාලයේ සිදුවුණ විවිධ සංසිද්ධීන් එක්ක දරුවන් පාසල් යාම අතරමග නතර කරලා. මේ කතාව අන්න ඒ ගැනයි.



කළුතර දිස්ත්‍රික්කය තුළ පාසල් යන වයසේ පසුවන දරු දැරියන් 161 දෙනෙකු මේ වන විට පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය වුණා.

මෙලෙස හඳුනාගත් පිරිස අතරින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණා.

කළුතර දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනියගේ වාර්තාවකට අනුව බේරුවල 14 ක්, පානදුර 15 ක් , කළුතර 15 ක්, මිල්ලනිය 02 ක්, හොරණ 20 ක්, වලල්ලාවිට 01 ක්, මතුගම 15 ක්, බණ්ඩාරගම 07 ක්, අගලවත්ත 07 ක් , දොඩන්ගොඩ 51 ක් , ඉංගිරිය 04 ක් , මදුරාවල 02 ක් , පාලින්දනුවර 08 ක් ලෙස පාසැල් නොයන දරු දැරියන් එම වාර්තාවේ සඳහන් වන අතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් කිසිවෙකුත් වාර්තා වී නොතිබුණි.

අධ්‍යාපනයෙන් බැහැර වූ මෙම දරුවන් නැවත පාසල් ගත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට දරුවන් 27 දෙනෙකු නැවත අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කිරීමට බලධාරීන් සමත්ව ඇත.

ඒ අනුව කළුතරින් 02ක්, මතුගමින් 06ක්, බණ්ඩාරගමින් 06ක්, දොඩන්ගොඩින් 06ක්, මදුරාවලින් 01ක් සහ පාලින්දනුවරින් 06ක් වශයෙන් දරුවන් පිරිසක් යළි පාසල් වෙත යොමු කර තිබේ.

තවද, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 14න් 12කම පාසල් අධීක්ෂණ කමිටු පිහිටුවා ඇති අතර, බේරුවල සහ මතුගම යන කොට්ඨාශවල පමණක් එම කමිටු මෙතෙක් පිහිටුවා නොමැති බවද මෙහිදී අනාවරණය වුණා.

දිස්ත්‍රික්කයේ සියලුම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා විධිමත් පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.


Post a Comment

0 Comments