බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවලත්, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පපැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශයේ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
මේ නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි. මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, මේ වනවිට අදාළ ප්‍ර දේශවල ධීවර කටයුතුවල යෙදී සිටින්නේනම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් ධීවරයින්ට දැනුම් දෙනවා.

0 Comments