අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් 38ක් අද (23) වන විට නොපවත්වන බව අධ්යාපන අමාත්යාංශය පවසනවා.
ඊට මධ්යම පළාතේ පාසල් 35 ක් අයත් වන අතර සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල එක් පාසල බැගින් ද අයත් වන බවයි පළාත් අධ්යාපන බලධාරින් අධ්යාපන අමාත්යාංශයට දන්වා ඇත්තේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පියවර ගැනීමට පළාත් අධ්යාපන බලධාරින්ට පවරා තිබෙනවා.

0 Comments