Ticker

6/recent/ticker-posts

විදුලිබල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්


 දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 45,000ක් පමණ වාර්තා වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම විදුලිය බිඳ වැටීවලින් 20,000ක් පමණ මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.


මෙම විදුලි බිඳ වැටුම් පිළිබඳ විදුලිබල මණ්ඩලයේ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන ඇමතුම් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙන බව සඳහන්.


මේ හේතුවෙන් එම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා CEBCare ජංගම දුරකථන යෙදුම, CEBCare වෙබ් අඩවිය, 1987 කෙටි පණිවිඩ සේවාව හෝ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍ය භාවිත කරන ලෙස විදුලි පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.



 

Post a Comment

0 Comments