ජොනතන් බවර් (Jonathan Bauer) කියන කෙනා එයාගේ තරුණ දුවත් එක්ක පාලම උඩින් යද්දී තමයි මේ ඇක්සිඩන්ට් එක දැකලා තියෙන්නේ. එයා ළඟට ගිහින් බලද්දී යට වතුරේ අර පොඩි බබා යටි අතට පාවෙලා, කිසිම හෙලවීමක් නැතුව ඉන්නවා දැකලා තියෙනවා! 😨
පොඩ්ඩක්වත් හිත හිත ඉන්නේ නැතුව බවර් එයාගේ දුවට කිව්වා ඉක්මනටම එන Rescue team එකට සයින් එකක් දෙන්න කියලා. ඊටපස්සේ සෙරෙප්පු දෙක ගලවලා දාලා අඩි 30ක් යටට පාලමෙන් පැන්නා කියන්නේ! 🏊♂️💥 එයා පීනගෙන ගිහින් පොඩි බබාව කරට අරගෙන, පිටට තට්ටු කරලා වතුර එළියට දානකම්ම බලාගෙන ඉඳලා. ඔන්න ඊටපස්සේ තමයි බබා ආයේ හුස්ම ගන්න පටන් අරන් තියෙන්නේ! 😮💨❤️
ඒ වෙලාවේම ඒ හරියෙන් ගිය Pontoon boat එකක් ඉක්මනටම මුන් දෙන්නා ළඟට ඇවිත්, බවර්වයි බබාවයි දෙන්නවම බෝට්ටුවට අරන් ගොඩබිමට අරන් ගිහින්. එතන Ambulance ready පිට තිබිලා තියෙනවා 🚑. බබාව එවලෙම ළඟම තිබ්බ Medical center එකට Airlift කරලා (හෙලිකොප්ටරයෙන් ගෙනිහින්) චෙක් කළාට පස්සේ, කිසිම අවුලක් නැති නිසා පහුවෙනිදාම ගෙදර යවලා! 🚁✨
බවර් කරපු මේ හිතාගන්නවත් බැරි, තප්පරයෙන් ගත්ත සිරාම තීරණය සහ කැපකිරීම වෙනුවෙන් එහේ පොලිසියෙන් සහ නගරයේ ප්‍රධානීන්ගෙන් එයාට මාරම ගෞරවයක් හම්බුණා! 👏🏅

0 Comments