Ticker

6/recent/ticker-posts

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අවදානමක් – ජනතාවට විශේෂ උපදෙස්

 


පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත් බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව තවලම, නාගොඩ, බද්දේගම සහ වැලිවිටිය ,දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.